මරික්කාර්ට අලුත් තනතුරක් - ආණ්ඩුවෙන් කාර්යාලයකුත් වෙන්කරයි

මරික්කාර්ට අලුත් තනතුරක් - ආණ්ඩුවෙන් කාර්යාලයකුත් වෙන්කරයි

උද්භිද උද්‍යාන සහ වනාන්තර සංචාරක ප්‍රවර්ධනය වන ආකාරයෙන් දියුණු කිරීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාට එම අමාත්‍යාංශයේ කාර්යාලයක් වෙන්කර දුන් බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

බත්තරමුල්ල වොටර්ස්ඒජ්හි ඊයේ (02) පැවැති ලෝක තෙත්බිම් දින සැමරුම් උත්සවය අමතමින් ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා මේ බව පැවසීය.

සත්ත්ව උද්‍යාන, උද්භිද උද්‍යාන, ජාතික වනෝද්‍යානවලින් දෛනිකව ලක්ෂ 20ක පමණ ආදායමක් ලැබෙන බවත්, සංචාරකයන් ආකර්ෂණය කරගත හැකිවන පරිදි වැඩපිළිවෙළක් සකස් කළහොත් එම ආදායම වැඩිකර ගතහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශපාලඥයන් වශයෙන් පරිසරය ආරක්ෂා කිරීමට දැඩි තීන්දු ගතයුතු බවත් පරිසරය ආරක්ෂා නොකර සංවර්ධනයක් සිදුකළ නොහැකි බවත් අමාත්‍යවරයා පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment