පිටුපස පෙට්ටි ගැලවුණ බව නොදත් දුම්රිය රියැදුරා එන්ජිම විතරක් අරන් කිලෝමීටර් ගණනක් ගිහින්


පිටුපස පෙට්ටි ගැලවුණ බව නොදත් දුම්රිය රියැදුරා
එන්ජිම විතරක් අරන් කිලෝමීටර් ගණනක් ගිහින්

මහනුවර සිට කොළඹ දක්වා පෙරවරු 6.30ට මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත්වන සෙංකඩගල මැණිකේ දුම්රියේ එන්ජිම පිළිමතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මැදිරි ගැලවී යෑමෙන් පසුත් දුම්රිය රියැදුරු ඒ බව නොදැන කිලෝමීටර් ගණනාවක් දුම්රිය එන්ජිම පමණක් ධාවනය කිරීමේ
සිද්ධියක් පෙරේදා වාර්තා වුණා.

සෙංකඩගල මැණිකේ දුම්රිය පෙරේදා (01දා) පෙරවරු 6.30ට මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත්වන අවස්ථාවේ කාර්මික
දෝෂයකට ලක්ව තිබූ දුම්රිය එන්ජිමක් අලුත්වැඩියාව සඳහා මරදාන වෙත රැගෙන යෑමට දුම්රිය මැදිරිවලට ඉදිරියෙන් සම්බන්ධ කර තිබී ඇත. ඊට ඉදිරියෙන් මෙම දුම්රියේ එන්ජිම සවිකර දුම්රිය ධාවනය කරමින් තිබියදී
පිළිමතලාව දුම්රිය ස්ථානය පසුකර මඳ දුරක් ගිය අවස්ථාවේ ප්‍රධාන එන්ජිම දුම්රිය මැදිරිවලින් ගැලවී එන්ජිම පමණක් ඉදිරියට ධාවනය වී තිබේ.

සිද්ධියෙන් පසු අලුත්වැඩියාව සඳහා රැගෙන යමින් තිබූ එන්ජිම සහ මැදිරි පිළිමතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ පැය භාගයක පමණ කාලයක් නැවතී තිබී ඇති අතර පසුව යළි රැගෙන ආ දුම්රිය එන්ජිම ඊට සම්බන්ධ කර ධාවනය කර තිබේ.

පසුව අලුත්වැඩියාව සඳහා මරදාන වෙත රැගෙන යෑමට සැලසුම් කර තිබූ දුම්රිය එන්ජිම කඩුගන්නාවේදී ඉවත් කර සෙංකඩගල දුම්රිය ධාවනය කර තිබෙන අතර දුම්රිය කොළඹට ළඟා වූයේ පැය දෙකක පමණ ප්‍රමාදයකින් පසු බව මගීහු පැවැසූහ.

මේ සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු පැවැසුවේ මෙවැනි සිද්ධියක් වාර්තා වී තිබෙන බවත් ඒ සම්බන්ධව උඩරට දුම්රිය අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් පරීක්‍ෂණයක් සිදු කෙරෙන බවත්ය.

(මහනුවර - කමල් සුරවීර)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment