හෙද සේවකයෝ රජයට රතු එළි දල්වති

හෙද සේවකයෝ රජයට රතු එළි දල්වති

හෙද සේවාව තුළ මේ වන විට උද්ගතව ඇති ගැටළු විසදීම සදහා බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකිරීමට එරෙහිව අද (07) සිට විරෝධතා දෙසතියක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා හෙද සංගමය අවධාරණය කරයි.

ඊයේ (06) පුංචි බොරැල්ල, සමස්ත ලංකා හෙද සංගම් කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එම සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ මහතා විසින් මෙම අදහස් පළ කළේය.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් කුමාරසිංහ මහතා පවසා සිටියේ වැටුප් විෂමතා, උසස්වීම්, දීමනා, හෙද හිගය, හෙද ව්‍යවස්ථාව ආදී කරුණූ ගණනාවක් සම්බන්ධයෙන් ගැටළු රැසක් හෙද සේවාව තුළ ඇති වී තිබෙන බවයි. 

අදාළ ගැටළු වලට විසදුම් ලබාගැනීම සම්බන්ධයෙන් දින සියයේ රජය තුළ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ, වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමගද තම සංගමය සාකච්ඡා පැවැත්වූ බවත් එහිදී අමාත්‍යවරයා විසින් පොරොන්දු මල්ලක් ලබා දුන් නමුත් මෙතෙක් කිසිදු ආකාරයකින් ගැටළු වලට විසදුම් නොලැබුනු බැවින් මෙම විරෝධතා දෙසතිය ක්‍රියාත්මක කරන බවත් ගාමිණි කුමාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම කාලය තුළ දැනුවත් කිරීම්, අත්පත්‍රිකා බෙදා හැරීම්, සම්මන්ත්‍රණ, රැස්වීම් ආදී වැඩසටහන් තුළින් හෙද සේවාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඒ තුළින්ද විසදුම් නොලැබුනහොත් උද්ඝෝෂණ, විරෝධතා සහ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ටද ඉදිරියේදී එළඹීමට කටයුතු කරන බවත් කුමාරසිංහ මහතා සිය අදහස් දක්වමින් කියා සිටියේය.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment