සියලු දෙමළ මන්ත්‍රීවරු එක්වෙයි - ලඟදීම දෙමළ මන්ත්‍රී සංසදයක් 

සියලු දෙමළ මන්ත්‍රීවරු එක්වෙයි - ලඟදීම දෙමළ මන්ත්‍රී සංසදයක් 

දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන  සියළුම දෙමළ දේශපාලන පක්ෂ නියෝජනය වන දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක් ඉදිරියේදී පිහිටුවා ගැනීමට නියමිත බව රාජ්‍ය භාෂා හා ජාතික සංවාද පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

දකුණේ දේශපාලන පාර්ශවයන් හා සාකච්ඡා කිරීමකින් තොරව දෙමළ ජනතාවගේ අර්බුදවලට විසදුම් ගෙන ඒමක් සිදුකළ නොහැකි බවත් මේ සදහා තමන් විසින් දෙමළ ජාතික සන්ධානය, ඊ.පී.ඩී.පී සංවිධානය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දෙමළ දේශපාලන පක්ෂ වෙත විවෘත ඇරයුමක් සිදුකර තිබෙන බවත් මනෝ ගනේෂන් මහතා සදහන් කළේය.

දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක් පිහිටුවා ගැනීමෙන් අනතුරුව එම සංසදය විසින් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රීලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා වාමාංශික පක්ෂ, ආගමික සංවිධාන සමගින් මෙන්ම මහානායක හිමිවරුන් ඇතුළු සියළුම ආගමික නායකයින් හා විවෘත සංවාදයකට අවතීර්ණ වී දෙමළ ජනතාවගේ ගැටළුවලට ස්ථීර විසදුම් ගෙන ඒම මෙහි බලාපොරොත්තුව වන බවද මනෝ ගනේෂන් මහතා  වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment