ගෝඨාගේ වැඩක් එළියට - කොතලාවලට වෛද්‍ය උපාධිය දූන් හැටි එස්.බී කියයි

ගෝඨාගේ වැඩක් එළියට - කොතලාවලට වෛද්‍ය උපාධිය දූන් හැටි එස්.බී කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනම පනතක් මගින් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයෙන් වෛද්‍ය උපාධිය ප්‍රදානය කිරීම ආරම්භ කරද්දී වෛද්‍ය සභාව හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට විරුද්ධ නොවී නිශ්ශබ්දව සිටි බව සමාජ සුබසාධන ඇමැති එස්.බී දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීරණයේදී ඊයේ (08) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. 

කොතලාවල වෛද්‍ය උපාධිය පිරිනැමීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එරෙහි වූ බවත් එවිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනම පනතක් ලෙස එය පාර්ලිමේන්තුවට ගෙන ආ බවත් එය ඉදිරිපත් කිරීම සඳහා වෛද්‍ය සභාවේ පනත පවා වෙනස් කළ බවත් දිසානායක මහතා සඳහන් කළේය.

එදා කොතලාවල වෛද්‍ය පීඨයට වෛද්‍ය සභාව යම් අකමැත්තක් දක්වද්දී එහි ලේකම්වරයා රත්මලානේදී යම් සිදුවීමකට මුහුණ දුන් බව ද එතැන් පටන් වෛද්‍ය සභාවද නිශ්ශබ්ද වූ බව ද අමාත්‍යවරයා පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment