සයිටම් ප්‍රධානියාට වෙඩි ප්‍රහාරයක්

සයිටම් ප්‍රධානියාට වෙඩි ප්‍රහාරයක්

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පොලිසිය පවසයි.

සයිටම් ආයතනයේ සිට මීටර් 700ක් පමණ දුරින් පිහිටි චන්ද්‍රිකා කුමාරතුංග මාවත අසල දී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් සේනාරත්න මහතාගේ රියේ ඉදිරිපසට හා පිටුපස දොරට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වෙයි.

කෙසේ වුවද වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුට හානි සිදුව නැති බව පොලිසිය ප්‍රකාශ කළේය. 

සේනාරත්න මහතා රාජකාරි නිමකර රාජගිරියේ පිහිටි සිය නිවස බලා යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර මුහුණු ආවරණය වන ආරක්ෂිත හිස්වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකළ බව වෛද්‍ය සමීර සේනාරත්න පොලිසියට පවසා තිබේ.

මේ අතර සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ ගොඩනැගිලිවල සී සී ටී වී දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment