මාස හතරක් තුළ එකම අධිවේගී මාර්ගයේ දෙවරක් වැඩ අරඹයි (PHOTOS)

මාස හතරක් තුළ එකම අධිවේගී මාර්ගයේ දෙවරක් වැඩ අරඹයි (PHOTOS)

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ(01) ආරම්භ විය.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස සැලකෙන්නේ, කි.මි 39.29 දුරකින් යුතු මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසයි.

අලව්ව, ගිරිඋල්ල මාර්ගයේ කුඩගම්මන ප්‍රදේශයේදී එම කොටසේ ඉදිකිරීම් ඊයේ ආරම්භ කළේ, අගමැතිවරයා විසින් සමරු ඵලකයක් නිරාවරණය කරමිනි.

ඊයේ සමරු ඵලකය විවෘත කළ ස්ථානයේ දෙවන අදියරේ ඉදිකිරීම් ඇරඹීම සඳහා 2016 ඔක්තෝබර් 6 වන දා ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැමිණ උත්සවයක් පවත්වා මුල්ගල් තැබීය.

දෙවරක් ඉදිකිරීම් ආරම්භ කිරීමට උත්සව පැවැත් වූ මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 138ක් පමණ වැය වෙතැයි ගණන් බලා තිබේ.

කෙසේ වෙතත් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර සඳහා එකම ස්ථානයක දෙවරක් වැඩ ආරම්භ කිරීමට උත්කර්ෂවත් උත්සව පැවැත්වීමට වැය කර ඇත්තේද මෙරට මහජනතාවගේ මුදල්ය. 

2019 අගෝස්තු වන විට මෙම අදියරේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතය. මීරිගම සිට කුරුණෑගල දක්වා කි.මි 39.29 දුරකින් යුතු මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර සඳහා රු.බිලියන 137.098 ආයෝජනයක් සිදුකරනු ලබයි. මීටර් 3.6 බැගින් වන මංතීරු 4කින් සමන්විත මාර්ගයේ පළළ මීටර් 23කි. අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 05ක් ඇතුලත් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර තුල මීරිගම, නාකලගමුව, මල්පිටිය, පොතුහැර සහ කුරුණෑගල යන ස්ථානයන්හී මෙම අන්තර් හුවමාරු ස්ථාපිත වනු ඇත. 

අදියර 4ක් යටතේ ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය කි.මී.168.7ක දුරකින් යුක්ත වේ.

1 අදියර කඩවත -  මීරිගම - දිග කි.මී.37.09

අන්තර් හුවමාරු 04 ( කඩවත, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම දකුණ)

2 අදියර මීරිගම - කුරුණෑගල - දිග කි.මි 39.29

අන්තර් හුවමාරු 05 ( මීරිගම ,නාකලගමුව, මල්පිටිය , පොතුහැර සහ කුරුණෑගල)

3 අදියර පොතුහැර - ගලගෙදර - දිග කි.මී.32.5

අන්තර් හුවමාරු 02 (රඹුක්කන, ගලගෙදර)

4 අදියර කුරුණෑගල - දඹුල්ල - දිග කි.මී.60.3

අන්තර් හුවමාරු 05 (රිදීගම,මැල්සිරිපුර,ගලේවෙල, දඹුල්ල - ඒ009, දඹුල්ල - ඒ006)

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යපෘතියේ දෙවන අදියර (මීරිගම -කුරුණෑගල) ඉදිකිරීම් අාරම්භ කිරීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පැවති උත්සවය

Image may contain: 9 people, people standing and outdoor

Image may contain: 3 people, people standing and indoor

2016 ඔක්තෝම්බර් 06 වනදා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ, මීරිගම සිට කුරුණෑගල දක්වා 2 වන කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව

Image may contain: 13 people

Image may contain: 5 people, people standing

Image may contain: 11 people, people standing

Image may contain: 5 people, people standing

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment