සහල් මිල පාලනය කළාට ජනතාවට තාම සහනය නැති හේතුව - රවී පහදයි

රජය සහල් මිල අඩු කළද කූට ව්‍යාපාරිකයන් නිසා එහි වාසිය පාරිභෝගික ජනතාවට හිමි නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ මහතා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව පෙර පැවැති සහල් කිලෝවක මුදලින් රුපියල් පහක් අඩු කර රුපියල් 76 දක්වා අඩු කළ බවත්, අනතුරුව ජනපතිවරයා සහ අගමැතිවරයාගේ මැදිහත්වීමෙන් හාල් සඳහා තවත් රුපියල් 10ක මුදලක් අඩු කළ බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

"පසුගිය සිකුරාදා දහවල් තමයි ජනාධිපතිතුමයි අගමැතිතුමයි මේ
රුපියල් 10ක මුදල අඩු කළේ.  මේ නිසා රුපියල් 90 ට තිබුණු සහල් කිලෝවක් රුපියල් 65 ට දෙන්න පුළුවන්. ඒත් මේ කූට සහල් වෙළෙන්දන් නිසා ඒ සහනය ජනතාවට ලැබෙන්නේ නෑ"

රතු කැකුළු, සුදු කැකුළු සහ නාඩු සහල් සඳහා මෙම රුපියල් 10ක මුදල අඩු කළ බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

"අපි කියන්නේ මේ හංගාගෙන ඉන්න සහල් කරුණාකරලා එළියට දාලා සහල් මිල අඩු කරන්න කියලයි. මට මුදල් අමාත්‍යවරයා විදියට මේ සඳහා මැදිහත් වෙන්න බැහැ. වෙළෙඳ සහ පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය තමයි ඊට මැදිහත් විය යුත්තේ. මේ අඩු කළ යුතු මුදල අපෙන් අඩුවෙලා තියෙනවා. ඒත් වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය හරහා එය සිදු විය යුතුයි"  අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
( භානුක අමරසිංහ - අද )

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment