පොදු විභාගයක් තියලා බලමු කවුද හොඳ කියලා (VIDEO)

පොදු විභාගයක් තියලා බලමු කවුද හොඳ කියලා (VIDEO)

සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම නීත්‍යනුකූල කිරීමත් සමඟ නොයෙක් පාර්ශවයන් කලබලයට පත් ව ඇති නමුත් එය කිසිසේත් වසා දැමීමේ අදහසක් නැතැයි එහි සභාපති ආචාර්ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

තමන් ලාභ ඉපැයිමේ අරමුණින් සයිටම් ආයතනය ආරම්භ නොකළ බවත් එසේ සිදු කළේ නම් වෛද්‍ය ආයතනයක් නොව ඒ වෙනුවට කැසිනෝ ආයතනයක් ආරම්භ කරන බවද නෙවිල් ප‍්‍රනාන්දු මහතා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ‍ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ය.

තම ආණ්ඩුව පැවති කාලයේ සයිටම් ආයතනය ආරම්භ කළ නමුත් අද වන විට එයට විරෝධය පළ කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව ඇති බව පවසමින් මාධ්‍යවේදියෙකු විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ප‍්‍රනාන්දු මහතා පවසා සිටියේ දේශපාලඥයන් යනු අවස්ථාවාදීන් බවත්, ඔවුන් බලය ලබගත් විට එක ස්ථාවරයකද බලයෙන් ඉවත්වූ විට තවත් ස්ථාවරයකද සිටින බවත් ය.

මේ අතර ඊයේ රාත‍්‍රියේ සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අන්ත වාමාංශික කණ්ඩායමක් සිටින බවයි.

රජයේ විශ්ව විද්‍යාල සිසුන්, විදේශීය විද්‍යාලවල සිසුන් හා සයිටම් සිසුන් අතර පොදු පරීක්ෂණයක් පවත්වා එයින් ඔවුන්ගේ තත්වය මැනගත හැකි බව නෙවිල් ප්‍රනාන්දු මහතා කියා සිටියි.

එමෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිබඳව තමන්ට කිසි විශ්වාසයක් නොමැති බවත්, වෛද්‍ය සිසුන් ලියාපදිංචි කිරීම සඳහා වෛද්‍ය සභාව විසින් විභාගයක් පැවැත්වුවහොත් සයිටම් ආයතනයේ සිසුන් සියලු දෙනා අසමත් කරනු ඇති බවත් හෙතෙම පැවසීය.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment