රන්ජන් කළුගල් කඩන්න මාර්ගයක් ඉල්ලයි - පාර්ලිමේන්තුවෙන් හෙළිදරව්වක් (VIDEO)

රන්ජන් කළුගල් කඩන්න මාර්ගයක් ඉල්ලයි - පාර්ලිමේන්තුවෙන් හෙළිදරව්වක් (VIDEO)

පසුගිය මහ මැතිවරණයේදී එජාපයේ හා තම දිවුලපිටිය ආසනයේ ජය වෙනුවෙන් වැඩ කටයුතු කල පිරිසකට කලූ ගල් කැඩීම සදහා අවශ්‍ය මාර්ග පහසුකම් සලසා දෙන ලෙස නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් ඇමති කබීර් හෂීම් වෙන යොමු කරන ලද ලිපියක් පාර්ලිමේන්තුවට මන්‍ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා ඉදිරිපත් කළේය.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුව ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර එම ලිපිය බොරුවක් නම් තම පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරයෙන් අස්වන බවද ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

ලිපියේ දැක්වෙන ආකාරයට මෙම ලිපිය යොමු කර ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය, සිරිකොත මන්දිරය, පිටකෝට්ටේ යන ලිපිනයට වන අතර රජයේ ප්‍රධාන අමාත්‍යාංශයක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පිහිටුවා ඇතැයි සිතීමද හාස්‍යයට කරුණකි. 

ඉදිරිපත් කළ ලිපිය පහතින්,

කෙසේ වුවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාගේ නිළ ෆේස් බුක් පිටුවේ සටහනක් යොදමින් කියා සිටින්නේ මෙවැන්නකි.

මෙම ලිපිය හේතුවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වූ ආකරය පහතින් නරඹන්න

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment