ඒ කාලෙ කෙල්ලො වලියක් නිසා මරණවා - මද්දහනෙ පත්තර කාරයො මරනවා

අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බල මණ්ඩල රැස්වීමකට එක්වෙමින් හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මෙසේ කියා ඇත.
“මේ රගර් ගහලා
ඉවර වෙලා බහින් බස් වුණා කියලා මොකෙක්ද කෙල්ලො වාගයක් සම්බන්ධව ප්‍රශ්ණයක් වුණා කියලා මරලා දැම්මනෙ. කවුද මරලා දැම්මේ කියලා තමුන්නාන්සේලා ලඟදී දැනගනී.
ජනාධිපතිවරයාව විවේචනය කෙරුවා කියලා මහ පාරේ මහ මද්දහනේ ඝාතනය කෙරුවා පත්‍රකලාවේදියෙකු.
රජයේ ප්‍රධාන ඇමැතිවරුන්ගේ නිදහසත් විනාශ කෙරුවා.
දෙන්නෙක් එකතුවෙලා හැන්දෑවට පොඩි ඩ්‍රින්ක් එකක් අරගෙන සන්තෝසෙන් හිටියනම් ඇමැතිවරු දෙන්නෙක්. පහුවෙනිදට කෝල් එකක් එනවලු ලොක්කගෙන් මොනවද තමුසෙලා කතා කළේ මට බැන්නද කියල අහන්න.
ඒ කාලෙ එතුමට පුදුම අසනීපයක් තිබිලා තියෙන්නේ.“
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment