ඒඑච්1එන්1 නොවන ඩෙංගුත් නොවන තවත් වෛරසයක් ශීඝ්‍ර ලෙස පැතිරේ


මේ දිනවල ලංකාව පුරා පැතිරෙන ඩෙංගු රෝගය හා ඉන්ෆ්ලූවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් උණ රෝගයට සමගාමීව දිවයින පුරා තවත් වෛරස් උණ රෝගයක් පැතිර යන බවත් එම රෝගය ඩෙංගු හෝ
ඉන්ෆ්ලූවෙන්සාවෙන්

වෙන්කර හඳුනාගත යුතු බවත්
සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටී.

අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සදහන් කරන්නේ වරින්වර පැනනගින තද උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස මෙම රෝගයේ ලක්ෂණ බවයි.කුඩා දරුවන්, ගර්භණී කාන්තාවන්, වයස් ගත පුද්ගලයන් සහ ප්‍රතිශක්තීකරණය අඩු අය මෙම රෝගයට දැඩිව ගොදුරු වෙති. සතියක පමණ කාලයක් තිස්සේ මෙම රෝග තත්වය පැවතිය හැකිය.

ඒ රෝග තත්ව වැළදී ඇති රෝගීන් වහාම වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගත යුතු බව ඔහු දන්වයි.
ඩෙංගු රෝගය හරියාකාරව හඳුනාගැනීමට නම් පැය 48 ක් වත් උණ රෝගය පැවතීම අවශ්‍ය වන නිසා වෙනත් වෛරස් උණක් සෑදුණත් ඒ අතර කාලයේදී ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් වැළකී සිටින්නට ‍වෛද්‍යවරුන් කටයුතු කරන නිසා අත්බෙහෙත් ලෙස  ඖෂධ ලබාගැනීම මෙහිදී නුවණට හුරු නැති බව පෙන්වා දෙන අතර නිසි වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද පෙන්වා දේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment