මේ ආණ්ඩුව හොරුන්ට දඩුවම් කරන් නෑ - ආවෙ ගේම රෙපෝරු කරන්න - රෙජිනෝල්ඩ්

උතුරු පළාතේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා බෙන්තොට පැවති රැස්වීමකදී මෙසේ කියා ඇත.

"එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා විතරයි මේ රටේ ආණ්ඩුවක හොරුන්ට දඬුවම් කළේ. එදා වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම කියලා එකක් දාලා ඒ ආණ්ඩුවේ හිටපු සී.ඒ.එස්. මරික්කාර් ඇතුළු ඇමැතිවරුන් පස් දෙනකුගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. ඊට පස්සේ එදා මෙදාතුර ශ්‍රී ලංකා ආණ්ඩුවක්වත්,
යූ.ඇන්.පී. ආණ්ඩුවක්වත්, මේ රටේ ආණ්ඩුවක හොරෙක්ට දඬුවම් කරලා නැහැ. ඇත්තම කතන්දරේ හොරුන්ව රැක්කා. මං හැමදාම කියන තොරණේ කතාව මතක් වෙනවා. නිල් පාට, කොළ පාට, රතු පාට, බල්බ් තොරණ ඉදිරියෙන් ලස්සනට වෙන වෙනම පත්තු වෙනවා. හැබැයි තොරණ පිටිපස්සට ගියාම මේ පාට පාට බල්බ්වල වයර් එකට මාට්ටු වෙලා අම්මෝ පුදුම හොඳට ඉන්නේ. ඒ වගේ තමයි මේ පක්ෂ දෙක එක හොරෙකුටවත් දඬුවම් කළේ නැහැ. මේක මම කියන්නේ මට ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ.

මම එදත් ඇත්ත කියන්න බය වුණේ නැහැ. දැන් මොන මඟුලකට බය වෙනවද? මම කියන්නේ මොන පක්ෂයේ වුණත් ඕනෑම හොරකුට දඬුවම් කළ යුතුයි. ඒකට පියවර ගත යුතුයි. හොරුන්ට දඬුවම් කරන්න යන ගමන් මේ ආණ්ඩුව හොරු රකිනවටත් අපි විරුද්ධයි. ඒ හොරුන්ටත් දඬුවම් කළ යුතුයි. මේ ගේම රෙපෝරු කරන්න හොඳ නැහැ. මේගොල්ලො ඇවිත් තියෙන්නේ ගේම රෙපෝරු කරන්න වගෙයි. අපෙත් හොරු, උඹලගෙත් හොරු, අපි දෙගොල්ලන්ටම ඒකෙන් කෙළ වෙනවා. ඒ නිසා ගේම රෙපෝරු කරමු කියලා ජය පරාජයෙන් තොරව නතර කරන්නයි හදන්නේ. අපි කියන්නේ හොරුන්ට දඬුවම් දෙන්න.“
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment