පාසල් සුදු ඇදුම් පාට කිරීමට අකිල යෝජනා කරයි

ලංකාවේ රජයේ පාසල් වල පාසල් සිසුන් කාලාන්තරයක් තිස්සේ අඳින සුදු ඇඳුම් වෙනුවට වර්ණවත් ඇඳුම් හඳුන්වාදීමට සැලසුම් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා කොළඹදී
පැවැති උත්සවයකදී
සදහන් කර සිටියේය.
''ලෝකයේ සුදු ඇඳුම්'' පමණක් අඳින පාසල් තියෙන්නෙ ලංකාවෙ විතරයි. මේ පිළිබඳවත් අලුතින් හිතල වෙනස්කම් කරන්න ඕන. පාට 04ක් හෝ  05ක් හඳුන්වාදීලා පාසල්වලට තමන් කැමති වර්ණයෙන් යුතු ඇඳුම් තෝරාගැනීමේ සැලසුම් සකස් කරන්න  බලාපොරොත්තු වෙනවා.
මේ සඳහා විශේෂ කණ්ඩායම් මගින් නිර්දේශ ලබාගන්නවා. මේකට හේතුව තමයි සුදු ඇඳුම් ඉක්මනට කිළිටි වෙන නිසා ළමයි  ක්‍රීඩාවට පවා යන්න කැමති වෙන්නේ නෑ. ළමයි ඒ ඇඳුම් ඉතාම පිරිසුදු මට්ටමින් තියාගන්න බලනවා. මේවා පාට වෙනස් කිරීම පොඩි දෙයක් වුණාට මෙමගින් පවා ක්‍රීඩාවට උත්තේජනයක් ලැබෙන බවයි අපි විශ්වාස කරන්නේ. වෙනස් කරන්න ඕන දේවල් කාලානුරූපීව හිතල වෙනස් කරන්න ඕන''
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment