රියදුරන් බීලද බලන බැලුම වෙනුවට මින් පසු බටයක්


රියදුරන් බීලද බලන බැලුම වෙනුවට 
මින් පසු බටයක්

 බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මේතාක් භාවිත කළ  breathalyzer බැලුම වෙනුවට බටයක් සහිත යන්ත්‍රයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.
රියැදුරන් බීමත්ව සිටීද යන්න පිළිබඳ පරීක්‍ෂා කිරීම සඳහා රථ වාහන පොලිස් නිලධාරීන් විසින් ප්‍රශ්වාස විශ්ලේෂණ
පරීක්‍ෂණ වාර්තාව ලබා ගැනීම

වඩාත් කාර්යක්‍ෂමව සිදු කරගන්නට මෙම යන්ත්‍රය සමත් බව කියැවේ.
මිලිලීටර් 100කට ඇල්කොහොල් 0.08ක් හෝ ඊට වැඩි අගයක් පෙන්නුම් කරන්නේ නම් අදාළ රියැදුරු මත්පැන් පානය කර ඇති බව අනාවරණය වේ.
පෙර පැවති බැලුනය පිම්බීමෙන් අනතුරුව බැලුනය කොළ පාට වන්නේ නම් ඔහු බීමතින් යැයි තහවුරුවූ නමුත් ඇතැම් වීට බීමතින් නොසිටි අයද එහි දෝෂ නිසා එයට හසුවූ අවස්ථා තිබිණි.
නව යන්ත්‍රයේ ප්‍රශ්වාස පරීක්‍ෂාවෙන් අනතුරුව පත්‍රිකාවක් යන්ත්‍රය විසින්ම මුද්‍රණය වන අතර
එම පත්‍රිකාවේ ඇල්කොහොල් ප්‍රමාණය, දිනය, ස්ථානය ආදී කරුණු සටහන් වන බව කියැවේ.
නව යන්ත්‍රය හරහා කාර්යක්‍ෂමව හා සත්‍ය දත්ත ලබා ගැනී අවස්ථාවක් උදාවන බව කියැවේ.
දැනට යන්ත්‍ර 50ක් මෙරටට රැගෙන විත් ඇති බවත් අත්හදාබැලීමේ ව්‍යාපෘතියෙන් පසු තවත් යන්ත්‍ර ගෙන්වා දිවයිනටම ඒවා බෙදනු ඇති බවත් වාර්තා විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment