ඔපෙරා වින්ෆ්‍රෙ 2020 ඇමරිකානු ජනපති තරගයට


ඇමරිකාවේ මීළඟට 2020 පවත්වන්නට නියමිත ජනපතිවරණය සඳහා එරට සුප්‍රකට මාධ්‍ය වේදිනියක් වන ඔපෙරා වින්ෆ්‍රෙ ඉදිරිපත් කරවීම ගැන රාවයක් ඊයේ පැතිරී ගියා.
එයට හේතුවූයේ ඇය ඊයේ එරට රූපවාහිනී නාලිකාවක විකාශයවූ
‘ඩේවිඩ් රොබෙන්ස්ටන් ෂෝ ‘ නමැති වැඩසටහනකදී මේ සම්බන්ධයෙන් පළ කළ අදහසක් නිසාය.
දැනට ඇමරිකාවේ වාසය කරන ඉහළම පෞරුෂය හිමි කාන්තාවක ලෙස නම් දරා තිබෙන 63 හැවිරිදි ඔපෙරා වඩාත් ප්‍රකට වූයේ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමෙනි. ඇගේ ඇතැම් වැඩසටහන් වසර ගණනාවක් පුරා අංක එකේ ජනප්‍රියත්වයක් ලබමින් විකාශය වූ අතර ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් පැහැදිලි ලෙස ගවේෂණය කර ඉදිරිපත් කිරීමේ විචක්ෂණ බුද්ධියක් හිමි බලසම්පන්න මාධ්‍යව්දිනියක ලෙස ඇය නම් දරා තිබේ.
පසුගිය ඇමරිකානු ජනපතිවරණයේදී ඇය සහාය පළ කර තිබුනේ හිලරි ක්ලින්ටන්ටය.
ඊයේ ඇය සහභාගීවූ වැඩසටහනේදී ඇගෙන් නිවේදකයා ඇසුවේ ඔබට 2020 ජනපතිවරිය වීමේ අදහසක් නැද්ද? යනුවෙනි.
ඇය එක්වරම ඇත්තටම ‘එහෙම දෙයක් මං තාම හිතලා නෑ..නමුත් ඒ වැනි දෙයක් ගැන හිතල බලන්න පුළුවනි‘ ලෙසිනි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment