රන්ටැඹේ කඳවුරේදී පාසල් ශිෂ්‍යභටයින් නිරුවත් කර වීඩියෝ කළ අය දැලේ


රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවකට සහභාගීවූ පාසල් කැඩෙට් සිසුන් 6 දෙනෙකු නිරුවත් කර වීඩියෝ ගත කිරීමේ සිද්ධියක් නිසා ආන්දෝලනයක් හටගෙන තිබේ.
මෙම කැඩෙට් පුහුණුව නේවාසිකව
සිදු කරන්නක් වන අතර පාසල් සිසුන් සිය පාසල නියෝජනය කරමින් එයට සහභාගීවී සිටි අතරදී තවත් පාසලක සිසුන් තිදෙනෙකු මගින් මෙම අතවරයට පත් කර තිබේ.
මුලින්ම සිද්ධිය සම්බන්ධයෙන්  ආරංචිවී අතවරයට ලක්වූ සිසුන් පැමිණි මහනුවර ප්‍රසිද්ධ පාසලේ විදුහල්පතිවරයා වත්තේගම පොලිසියට පැමිණිලි කර තිබේ.
පසුව හසලක පොලිසිය මේ ගැන විමර්ශන අරඹා ඇත. ඒ අනුව සිද්ධියට අදාළ සිසුන් තිදෙනා අත්අඩංගුවට පත්ව ඇත.
තමුන්ට නිරුවත් වන්නට බල කළ බවත් පසුව වීඩියෝ ගත කළ බවත් අතවරයට පත් සිසුන් දන්වා ඇත.
සිසුන් තිදෙනා මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment