බිග් මැච් තහනම් නොකළාට ඕමල්පේ සෝභිත හිමි නඩු මගට


පසුගියදා තමන් වහන්සේ ඉල්ලා සිටියේ ආනන්ද නාලන්ද පාසල් අතර පැවති ගැටුම් සලකා බලා ඉදිරියේදී එම පාසල් අතර මෙන්ම වෙනත් පාසල්වලද බිග්මැච් තහනම් කරන්නට බවත් එම ඉල්ලීම අධ්‍යාපන
බලධාරීන් මෙන්ම
ආරක්ෂක අංශ තඹයකටවත් මායිම් නොකර ඉදිරි සති කිහිපය තුළ බිග්මැච් පවත්වන්නට සූදානම්ව ඇති බවත් පවසන ජාතික හෙළ උරුමයේ ප්‍රධානිව සිටි ඕමල්පේ සෝභිත හිමියෝ ඒ නිසා පොලිසියට එරෙහිව නඩු මගට එළැඹෙන බව ඊයේ කියා සිටියහ.
මත්පැන් භාවිතය සහ අයහපත් හැසිරීම නිසා සමාජය අයහපත්වීම වැළකීම තමන් ඇතුළු සංඝයා වහන්සේලාගේ යුතුකම බව පෙන්වා දෙන සෝභිත හිමියන් තමන් දරන වගකීම ගැන නීතිය ක්‍රියාත්මක බලධාරීන්ට නොපෙනීම පුදුම සහගත බවටද තර්ක කර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment