අවුරුදු 2 ක් මට බැන්නා ඇති දැන්වත් වැඩ පටන්ගන්න - මහින්ද

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඊයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගත් පසු පැවැති මාධ්‍ය හමුවේදී මෙසේ සඳහන් කළේය.

‘රාජපක්ෂ ආණ්ඩුවට බනිනවා

හැර වෙන යමක් මේ ආණ්ඩුව කරලා නැහැ. එහෙත් දැන් අඩුම තරමේ අවුරුද්දක් දෙකක් හෝ ජනතාව වෙනුවෙන් යමක් කළ යුතුයි. පසුගිය සමයේ සියලුම වගකීම් යොමු කෙළේ ජනාධිපතිවරයාට. නමුත් විධායක ජනාධිපතිවරයකුයි විධායක අගමැතිවරයකුයි රටේ නොසිටිය යුතුයි. මේ දෙදෙනාම විධායක වීමට උත්සාහ කරනවා. යමක වගකීම තිබෙන්නේ දෙදෙනාගෙන් කාටදැයි කවුරුත් දන්නේ නැහැ.
පළිගැනීම, කේ‍රා්ධය, වෛරයෙන් කටයුතු කිරීමෙන් රටකට දියුණුවක් අත්කර ගැනීමට හැකියාවක් නැහැ. රාජපක්ෂ රාජපක්ෂ යනුවෙන් දොෂාරෝපණ නොකර දැන් ජනතාවට වැඩ කළ යුතු කාලය උදාවී තිබෙනවා.‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment