පේරාදෙණි කෘෂි නවක වධකාගාර ජ්‍යෙෂ්ඨයින් - විකෘති කාම මානසික රෝගීන් බවට සැක


පේරාදෙණි කෘෂි නවක වධකාගාර ජ්‍යෙෂ්ඨයින් 
විකෘති කාම මානසික රෝගීන් බවට සැක
ජංගම දුරකථනවල සිසුන්ගේ නිරුවත් ඡායාරූප


පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ නවක සිසුන් අට දෙනකු විශ්වවිද්‍යාලයෙන් පිටත ‍කුලියට ගත් ස්ථානයක නවක වදයට ලක්කිරීමේ සංසිද්ධිය මේ වනවිට කිසියම් පිරිසකගේ මානසික ගැටලුවක් ලෙස හඳුනාගත හැකි ලක්ෂණ රැසක් පෙන්නුම් කර තිබෙනවා.
මහපොළ අරමුදලින් අමාරුවෙන් ජීවත්වන සිසුන් මාසයකට රුපියල් 10000 බැගින් වියදම් කරමින් නවක වධකාගාරයක් සඳහා කුලී පදනමින් නිවසක් වෙන්කර තැබීමම ඔවුන් කිසියම් අවශ්‍යතාවයක් සපුරාගැනීමේ ආබාධ සහිත උවමනාවක් වෙනුවෙන්
ක්‍රියාකර ඇතිය යන්න ඒත්තු ගන්වන අතර ඊයේ මේ සම්බන්ධ නඩු විභාගයේදී හෙළි වූයේ සිද්ධියේ සැකකාර පිරිමි සිසුන් සතුව තිබූ ජංගම දුරකතන 12ක් තුළ පළමු වසර සිසුන් 8 දෙනාගේ විවිධ ලිංගික ඉරියව් සහිත ඡායාරූප රාශියක් අන්තර්ගතව ඇති බවයි.ඒවා ඒ ආකාරයට ගබඩා කිරීම කවර උවමනාවකට සිදු කළාද යන්නද ගැටලුකාරී වී තිබේ.


පසුගියදා වැටළීම සිදුකරන අවස්ථාවේ මෙම පාළු නිවහනේ ඇසුණු දේවල් හා පීඨාධිපතිවරුන්ගේ ඇස් අදහාගන්නට බැරිව දුටු දේවල් වලින්ද ඒත්තු ගොස් ඇත්තේ මොවුන් අසාමාන්‍ය විකෘති කාමයකින් පෙළුණ පිරිසක් ලෙස බවටද කරුණු පළවිය.

එම නිවස ඒ ආකාරයට කුලියට ගෙන තිබෙන්නේද සිසුන්ගේ විකාර රූපි මානසික අවශ්‍යතාවන් සපුරාගැනීමේ පහත් උවමනාවකට විය හැකි බවට අධිකරණයේදී කරුණු ඉදිරිපත් විය.

දොළුව මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ මේ කියන ස්ථානය ලබාගනිද්දීත් තමුන් සරසවි සිසුන්ය යන්න සැඟවූ මෙම පිරිස එම නිවසේ හිමිකරුට කියා ඇත්තේ තමන් නිවාස සැලසුම් ශීල්පී ආයතනයක සේවය කරන පිරිසක් බව පමණි.
සිද්ධියේ සැකකාර සිසුන් සතුව තිබූ ජංගම දුරකතන 12ක් අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතා මෙම ජංගම දුරකතනවල නවක වධයට ලක්වූ සිසුන්ගේ නිරුවත් දර්ශන ඇති බව හඳුනාගත් බව දන්වන ලදි. කෙසේ වෙතත් ඒවා නීතිය අනුව සාක්ෂි ලෙස ලබාගන්නට රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කළ ඉල්ලූ අතර එයට අධිකරණයෙන් අවසර ලැබිණි.

කෙසේ වෙතත් මේ අවස්ථාවේ සැකකාර සිසුන් වෙනුවෙන් කතා කළ නීතීඥ මහතා කියා සිටියේ මෙය නවක වධකාගාරයක් නොවන බවයි.ඔහු කියා සිටියේ පේරාදෙණිය සිසුන්ගේ නේවාසික ප්‍රශ්නය නිසා අවට නිවාස කුලී පදනමින් මිලට ගෙන පදිංචිවීම කාලයක් තිස්සේ කරන බවයි. මෙය නවක වධකාගාරයක් ලෙස මාධ්‍ය මගින් වැරදි අර්ථ නිරූපණයක් කර ඇති බව ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් ලැබී ඇති සාක්ෂි අනුව මෙම ස්ථානයේ සිසුන් පදිංචිව සිට නැත. ඔවුන් නවක වද සිසුන් ගෙන්වීම හා වධක ක්‍රියාකාරකම් පමණක් එහි සිදු කර ඇති අතර කුලියට ගෙන ඇත්තේද ඒ සියල්ල සඟවාය.
මේ සැකකාර සිසුන්ට ඇප ලබාදෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා නැවත කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා ඉවත දැමුවේ පනත අනුව හැකියාවක් නැති බව පවසමිනි.

සිසුන් නිරුවත් කර අමානුෂික ලෙස නවක වධය ලබාදුන්  සිසුන් 15 දෙනා මෙම මස 16දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉන්දික ගිහාන් අත්තනායක මහතා ඊයේ (2දා) නියෝග කළේය.
සැකකාර සිසුන් 15 දෙනාගේ පන්ති මේ වනවිටත් සරසවිය මගින් තහනම් කර ඇති අතර ශිෂ්‍යභාවය අහෝසිකිරීම සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වේ.

සිද්ධිය සම්බන්ධ පෙර ලිපිය
සිසුන් නිරුවත් කර වද දුන් පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment