රජයේ රෝහල්වල හවස 4 න් පසු මුදලට විශේෂඥ ප්‍රතිකාර


සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ඊයේ දන්වා සිටියේ ශල්‍යාගාර පහසුකම් සහිත රජයේ රෝහල්වල ඉදිරියට හවස 4න් පසුව මුදල් ගෙවා විශේෂඥසේවා ප්‍රතිකාර (චැනලින්) ක්‍රමයක් ආරම්භ කරන බවයි. මෙම මුදල
බාහිර පුද්ගලික
රෝහල් වලට වඩා ඩතා අඩු මට්ටමකින් පවත්වායන්නටද සැලසුම් කර තිබෙන බව දන්වා ඇත.
මෙම ක්‍රමය සඳහා දැනට අධික මිලට විශේෂඥ සේවය පුද්ගලික රෝහල්වල සිදු කරන වෛද්‍යවරුන් මෙන්ම අලුතින් ක්ෂෙත්‍රයට පැමිණ නමක් තනා නොගත් වෛද්‍යවරුන් යෙදවීමටද අපේක්ෂා කරගෙන තිබෙන බව වාර්තාවේ.
රජයේ රෝහල් වල ශල්‍ය උපකරණ නඩත්තුවට වසරකට රුපියල් කෝටි 99 ක් වයකරන බවත් මේවායින් දවසේ පැය 12ක්ම බොහෝ විට වැඩ නොගෙන අපතේහැරීම අපරාධයක් බවත් ඇමතිවරයා පෙන්වාදුන් අතර එයට විසඳුමක් මෙන්ම ජනතාවට සහනයක් ලෙස නව රජයේ චැනලින් සේවාව එළිදකින්නට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment