වෙඩිතැබීම ගැන මං හාංකවිසියක් දන්නැහැ විභාගෙ 9 පාරක් පේල් කතා බොරු -සමීර සේනාරත්න


වෙඩිතැබීම ගැන මං හාංකවිසියක් දන්නැහැ
විභාගෙ 9 පාරක් පේල් කතා බොරු

මං පිළිගත් වෛද්‍යවරයෙක්
මේවා ඔක්කොම මඩ මඩ මඩ

-සමීර සේනාරත්න

මේ දිනවල කරළියේ කථාබහ වන සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න තමා ගැන පළවන පුවත් බොහොමයක් අසත්‍ය බව දක්වමින් ඊයේ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කළා.
වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පළාගොස් සිටින ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු හා තවත් ගෝලයකු සොයමින් සිටින අතරේ
සමීර හා මන්ත්‍රීවරයා අතර දුරකථන සංවාද හෙළිවූ බවටද වාර්තා වූ අතර වෙඩි තැබීම නිර්මාණාත්මක එකක් බව අධිකරණයටද වාර්තා කර තිබේ.

එසේ තිබියදී හිටපු විධායක නිලධාරී සමීර තවමත් කියන්නේ තමා කිසිවක් ඒ ගැන දන්නේ නැති බවයි.
ඒ අතරම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක
පසුගියදා හෙළි කළ පරිදි සමීර සේනාරත්න වෛද්‍යවරයෙකු නොවන බවට කාරණාවට පිළිතුරු දෙමින් සමීර කියන්නේ තමා රුසියානු විශ්ව විද්‍යාලයකින් ලොවම පිළිගත් වෛද්‍ය උපාධියක් පළමු වතාවෙන් සමත්වී ලබාගත් බවත් එය ලංකාවේ වෛද්‍ය සභාවේ අනුමැතියටද ලක්ව ඇති බවත්ය.
ඔහු මෙසේ කියා සිටී.

‘වෙඩි තැබීම සම්බන්ධව මම කිසිම දෙයක් දන්නේ නැහැ.මම කිසිම සැලසුමක් කළෙත් නැහැ මෙම වෙඩි තැබිම සම්බන්ධව. දැනට පොලිසියේ අත්අඩංගුවේ පසුවෙනවා වෙඩි තැබුවයි කියන පුද්ගලයෙක්ව.
මම එම පුද්ගලයාවත් පෞද්ගලිකව හෝ කිසිම ආකාරයෙන් මම අඳුරන්නේ නැහැ. මම හිතනවා පොලිස් නිලධා‍රී මහත්වරුන් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන අය මේ සම්බන්ධව සැක කටයුතු පුද්ගලයින් ඉතාමත් ඉක්මනින් අත්අඩංගුවට අර ගනියි කියලා. ඉදිරියට පත්වන පරීක්ෂණ කටයුතු සදහා මගේ සම්පූර්ණ සහයෝගය දෙන්න මම බලාපොරොත්තු වෙනවා.මොකද හේතුව මම නිර්දෝෂිය ‍මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් මම දන්නෙත් නැහැ.

සංවිධානාත්මකව මට මේ වෙලාවේ මට මොනවහරි මගේ තත්ත්වය වට්ටන්න මාව මාව වට්ටන්න මාව බය කරන්න මොනවහරි දෙයක් කරන්න මොනවාහරි මේ අවස්ථා‍වේදී සිදුවෙමින් පවතිනවා. 

මේ සිදුවීම හරහා සයිටම් ආයතනයටත් ලොකු බලපෑමක් වේගෙන යනවා ප්‍රධාන විධායක නිලධාරීකමෙන් මම තාවකාලිකව ඉල්ලා අස්වෙන්න මම තීරණය කළා. 
මම රුසියාවේ නීෂ්ඩි නෞගෝරා රාජ්‍ය වෛද්‍ය පීඨයේ උපාධිය ලැබුව කෙනෙක්. මං 9 වතාවක් පේල් කියල කියනවා.කිසිම දවසක මම විභාග අසමත් වෙලා නැහැ. මේ තියෙන්නේ මම ලබාගත් උපාධියයි. එම උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පමණක් නෙමෙයි මුළු ලොවම පිළිගත් උපාධියක් .මට ඇක්ට්16 විභාගෙට පෙනී ඉන්න ඕන වුනේ නෑ.  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත් පිළි අරගෙන තියෙනවා මාව වෛද්‍යවරයෙක් විදියට.එතනින් එහාට ඔය අනිත් මිනිස්සු කියන කතාවල් මට ප්‍රශ්නයක් නැහැ‘

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment