ගැභිණි ගුරුවරියන් මින්පසු පාසලට එද්දි සාරි එපා - ඇමති අකිල

ගර්භණී ගුරුවරියන් සඳහා පහසු ඇඳුමක් හඳුන්වා දීමට බලා‍පොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල
විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
ඒ අනුව ගර්භණී සමයේදී සාරිය ඇඳීම ගුරුවරියන්ට මහත් අපහසුවක් බවත් එමගින් කලලයට හානි සිදුවූ
අවස්ථාද වාර්තා වී
ඇති බැවින් මෙම තීරණය ගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

කුරුණෑගල මලියදේව පිරිමි විදුහ‍ලේ නව ශ්‍රවණාගාරය සඳහා පසුගිය 27දා සිදුවූ මුල්ගල තැබිමේ
උත්සවයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකය තුළ අනාගතය ජයගත හැකි අයුරින් සිදුකළ යුතු වෙනස්කම් අදම සිදු කිරීමට
පියවර ගත යුතු බවත් පාසල් නිල ඇඳුම පවා වෙනස් විය යුතු කාලය එළැඹ ඇති බවත් අමාත්‍යවරයා
එහිදී වැඩිදුරටත් පැවසීය.
(සවන්ති රත්නායක)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment