සමයං මරන්න ආ වාහන දෙකම හසුවේ


පෙරේදා පාතාල නායක ‘සමයං’ ඇතුළු 7 දෙනකු ඝාතනය කළ සැකකරුවන් මරා දමන්නට ආ කැබ් රථය හා පලායාමට යොදාගත් වෑන් රථය මේ වනවිට සොයටාගෙන තිබේ. කැබ් රථය ඝාතන සිදු කළ ස්තානයේත් වෑන් රථය මොරගහහේන නගරයේ ඇඟලුම් කම්හලක් අසල දමාගොස් තිබියදීත්
පොලිසිය සොයාගෙන ඇත.
සුදු පැහැති ඩොල්පින් වර්ගයේ මෙම වෑන් රථයේ අගුළු නොයොදා තිබූ බව මොරගහහේන ‍පොලිසිය සඳහන් කරයි.
වෑන් රථයේ තිබි රුධිර පැල්ලම් කීපයක් සහ අත්වැසුමක් සොයාගත් බවත්, ඒ ඔස්සේ පරීක්ෂණ කෙරෙන බවත්
‍පොලිසිය පවසයි. පරීක්ෂණ කටයුතු සඳහා ‍පොලිස් නිල සුනඛයෙක්ද යොදාගෙන තිබුණි.
සී.සී.ටී.වී. දර්ශන නිරීක්ෂණයට අනුව සැකකරුවන් පලාගිය වෑන් රථයේ අංකය විමසීමේදී මෙම වෑන් රථයේ
අංකය වෙනස් ව තිබපුණ අතර අතරමගදී වෑන් රථයේ අංක තහඩු වෙනස් කරන්නට ඇතැයි
‍පොලිසිය සැකපහළ කරයි. කැමරා දර්ශන නිරීක්ෂණයේදී මෙම වෑන් රථය පිටුපස වීදුරුවේ
රතු පැහැති ස්ටිකරයක් අලවා තිබුණද එයද පසුව ඉවත් කර තිබුණි.
59-1677 අංක දරන මෙම වාහනය නැගෙනහිර පළාතේ ලියාපදිංචි වාහනයක් බවත්, එය
ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශයේ අයකුට අයත් බව අනාවරණය වී ඇතැයිද පරීක්ෂණ පවත්වන බවද
‍පොලිසිය පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment