බරක් ඔබාමා හා මිෂෙල් ඔබාමා පෙන්ගුයින් සමාගමේ පොත් ගහන ගිවිසුමකට


ලෝකයේ ප්‍රධාන පෙළේ ග්‍රන්ථ ප්‍රකාශන සමාගමක් වන Penguin Random House සමග පොත් පළ කිරීමේ හිමිකම් ගිවිසුමකට ඊයේ
හිටපු
ජනපති බරක් ඔබාමා සහ එම භාර්යාව මිෂෙල් ඔබාමා අත්සන් කළා.
ඉදිරියේදී මේ දෙදෙනා තම ජීවිත කතාවේ අලුත් පොත් මෙන්ම නායකත්වය සම්බන්ධ උපදේශන සපයන ග්‍රන්ථ මෙම සමාගම සමග එක්ව ප්‍රකාශයට පතක් කරන්නට නියමිතය.
මින් ඉහත බරක් ඔබාමා මෙම සමගාම සමග එක්ව Memoir Dreams From My Father සහ The Audacity of Hope නමින් ග්‍රන්ථ දෙකක් ප්‍රකාශයට පත් කළ අතර ඒ දෙකම ඇමරිකාවේ වැඩිම අලෙවිය ලැබුණ පොත් 10 අතරට පත් විය.
මිෂෙල් ඔබාමාද මෙම සමාගම සමග එක්ව ආහාර වට්ටෝරු පිළිබඳ American Grown නමැති පොතක් පළ කර ඇත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment