අඟුණකොළපැලැස්සේ සුපිරි හිරගෙය මං විවෘත කරන්න යන්නෑ - ජනපති


අඟුණකොලපැලැස්සේ ඉදිකළ නවීන බන්ධනාගාරය විවෘත කිරීමට තමන්ට ආරාධනා ලැබුණත් එක්නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේ මහතා කෑගල්ලේ  පැවති උත්සවයකදී ඊයේ සඳහන් කළේය.
"මට ආරාධනා කර
තිබෙනවා ලංකාවේ හොඳම පහසුකම් තිබෙන සිරගෙදර විවෘත කරන්න කියලා. මම
කිව්වා මම එන්නේ නෑ කියලා. මට බේරිල්ලක් නෑ බොහොම ලස්සනයි, පහසුකම් තියෙනවා, විශාල වශයෙන්
වියදම් කර තියෙනවා ඒ නිසා එන්න කියනවා හම්බන්තොටට. මම කිවුවා හිර ගෙවල් විවෘත කරන්න නම් මම
එන්නේ නෑ පාසලක් විවෘත කරන්න නම් එන්නම් කියලා. හිරගෙවල් වහලා පාසල් විවෘත කරන රටක් අපට
අවශ්‍යයි"
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment