සමීර වෙඩි තියා දෙන්නැයි ඉල්ලා නාගරික මන්ත්‍රීට දීපු කෝල් එකත් මාට්ටු


 මාලඹේ 'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරි‍ සමීර සේනාරත්නගේ මෝටර් රථයට ඔහු විසින්ම වෙඩි තබාගත් කාරණාව දැන් ඔප්පුවී තිබේ.
එම වෙඩි ප්‍රහාර එල්ලවීමෙන් පසු සහ ඊට පෙර සමීර  සහ මේ සැලැසුමේ ප්‍රධානියකු වන කඩුවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිවරයා අතර දුරකතන සංවාද රාශියක් හුවමාරු වී ඇති බවට
විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

හිටපු නාගරික මන්ත්‍රිවරයා මේ වනවිට අතුරුදන්ව සිටින අතර ඔහු සමග කටයුත්තට හවුල්වූ බව කියන නගර සභාවේ රියැදුරකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් මේ වන විට ආරම්භ වී ඇත. ඔවුන්ගෙන් තහවුරු කළ සාක්ෂි ලැබුණ පසු සමීර සේනාරත්නවද ඉදිරියේදී අත්අඩංගුවට පත්වීමට නියමිතය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment