වික්ටර් ලෙස ෆේස්බුක් පෙනී සිටින්නේ ඔහු නොවෙයි


මේ දිනවල ආන්දෝලනයක් ඇතිව තිබෙන වික්ටර් රත්නායකගේ දෙවන විවාහය සම්බන්ධ කාරණාව ගැන රත්නායක පවුල වෙනුවෙන් වික්ටර්ගේ පුතු ලෙලුම් රත්නායක පමණක් පසුගිය 3 හා 4 දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දුක්ගැනිවිලි ඉදිරිපත් කර තිබුණි.
මේ සම්බන්ධයෙන් වික්ටර්
රත්නායක කරුණු පැහැදිලි කර ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය මගින් වික්ටර්ගේ නමින් එක්තරා ෆේස්බුක් පිටුවක තිබූ සටහනක කරුණු ප්‍රසිද්ධ කර තිබුණි. නමුත් මේ වනවිට එම තොරතුරු වික්ටර් පක්ෂපාතියෙකු ව්‍යාජ ලෙස සැකසූ එකක් බවට කරුණු තහවුරුවී තිබේ.
එයට හේතුව වී ඇත්තේ ගුවන්විදුලි නාලිකාවක් මගින් වික්ටර් රත්නායක දුරකථනයෙන් අමතන්නට දිගින් දිගටම දැරූ ප්‍රයත්නයේදී ඔහු මේ ගැන පිළිතුරක් දීම නිසාය.
එම පිළිතුර ඉතා කෙටි එකක් වූ අතර ‘ඇයි මට දෙවන විවාහයක් කරගන්න අයිතියක් නැද්ද‘ යනුවෙන් පමණක් කාරණාව ගැන ඔහු කතා කර තිබුණි. තමා ගැන සමාජ මාධ්‍ය පතුරා තිබෙන ආරංචි ගැන දැනුවත් නමුත් තමා ඒ කිසිවකට පිළිතුරු දී ප්‍රකාශ නිකුත් කර නැති බවත් ඔහු කියා සිටියේය.
වාර්තා වන ආකාරයට වික්ටර් රත්නායකගේ නිල ෆේස්බුක් පිටු මේ දක්වා යාවත් කාල කර තිබුනේ ඔහුගේ පුතුන් විසින් වන අතර ඒවායේ මේ ගැන කිසිම කරුණක් සඳහන් කර නැත.
වික්ටර්ගේ ගැටලුව තමන්ගේ එකක් කරගෙන ඇතැමුන් ව්‍යාජ ලෙස ඔහු ලෙස පෙනී සිට ඇති බව මේ අනුව පෙනී යයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment