සමයං ඝාතන රියේ අංගොඩ ලොක්කාගේ ඇඟිලි සළකුණු

රණාලේ සමයා ඇතුළු පුද්ගලයන් හත් දෙනකු සාහසික අන්දමින් වෙඩිතබා ඝාතනය කිරීමේ සැලසුම මෙහෙය වූ බව කියන අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ ඇඟිලි සලකුණු. ප්‍රහාරයෙන් පසු
සන්නද්ධ පිරිස පලා ගිය
වෑන් රථයේ සටහන්ව තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.ඒ අනුව අංගොඩ ලොක්‌කා පෞද්ගලිකවම මෙම ප්‍රහාරයට පැමිණ එය මෙහෙයවා ඇති බවට සාක්‍ෂි ලැබී ඇතැයි පොලිසිය පවසයි.
උතුරු කළුතරදී බන්ධනාගාර බස්‌ රථයට ප්‍රහාර එල්ල කළ පාතාල පිරිස පලා ගිය වෑන් රථය ඉංගිරිය ප්‍රදේශයේ අතහැර දමා ගොස්‌ තිබියදී පොලිසිය පසුව සොයා ගත්තේය. එම වෑන් රථයේ තිබී සැකකටයුතු ඇඟිලි සලකුණු 27 ක්‌ තිබිණි.
අංගොඩ ලොක්‌කාගේ ඇඟිලි සටහන් පොලිස්‌ අපරාධ වාර්තා කොට්‌ඨාසය සතුව තිබූ අතර වෑන් රථයෙන් සොයාගත් ඇඟිලි සටහන් අංගොඩ ලොක්‌කාගේ බවට තහවුරු විය.
මෙම ප්‍රහාරය එල්ල කළ අංගොඩ ලොක්‌කා ඇතුළු පාතාල කල්ලිය මේ වනතුරුත් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වී ඇත.
මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ කණ්‌ඩායම් 07 ක්‌ යොදවා ඇති අතර ප්‍රදේශ ගණනාවක්‌ පීරමින් මොවුන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment