ඩොල්කි වාදන ශිල්පී පත්මසිරිගේ අන්තිම කැමැත්ත අනුව මළගෙදර බජව්


අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රකට ඩොල්කි වාදන ශිල්පියෙකු වන පත්මසිරි ද සිල්වා (67) පසුගිය සතියේ මියගිය අතර ඔහුගේ අවසන් කැමැත්තේ තිබුණ අමුතු
ඉල්ලීමක් නිසා

අවමගුල් නිවස බජව් පොළක් බවට පත් කරන්නට සිදුව ඇත.
එයට හේතුවී ඇත්තේ ඔහු අවසන් කැමැත්තෙන් ඉල්ලා ඇත්තේ තමා මියගිය මොහොතේ පටන් අවසන් කටයුත්ත සිදුවන මොහොත දක්වා පැරණි ගීත වාදනය කරමින් පැදුරු සාජ්ජයක් පවත්වන ලෙසයි.
එම ඉල්ලීම ඉටුකරමින් ඔහුගේ හිතවත් වාදකයින් අවමගුල් නිවස තුළ ශබ්ද නගමින් පැදුරු සාජ්ජයක් පවත්වා ඇත. ඔහු කියූ පරිදිම මියගිය වෙලාවේ සිට අවසන් මොහොත තෙක් එය සිදු කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment