ගොල්ෆේස් ධාරිතාව ලක්ෂ එකහමාරයි - ඒකාබද්ධ මැයි රැලියට ලක්‍ෂ 20ක් ගේනවා බන්දුල ගුණවර්ධන


මින් සතියකට පෙර බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැලියට අවසර ලැබී ඇති බවත් එහි ධාරිතාව
මහජනතාව ලක්ෂ එකහමාරක් පමණ වන බවත්ය.
ඊයේ (4දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මෙම රැළියට
ලක්‍ෂ 20ක ජනතාවක් පැමිණෙතැයි තමන් අපේක්‍ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා කියා තිබේ.‍
ඔහු මෙසේ ඒ ගැන කිව්වේය.
‘පසුගිය කාලයේ ඒකාබද්ධ විපක්‍ෂය පැවැත්වූ සෑම රැලියකටම එක්සත් ජාතික පක්‍ෂය විවිධ උපහාසාත්මක ප්‍රකාශ සිදුකළා.
මෙවර ගෝල්ෆේස් පිටියට පැමිණෙන ජනතාවගෙන් ඔවුන් කළ ප්‍රකාශවලට පිළිතුරු ලැබෙනු ඇති.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට, බුද්ධි අංශ නිලධාරීන්ට සහ රට වෙනුවෙන් සටන් කළ රණවිරුවන්ට මේ රජය එළව එළවා එල්ල කරන ප්‍රහාරයන්ට එදාට පිළිතුරු ලැබෙන්නේ ගෝල්ෆේස් පිටියේදලෙක්ෂ 20 ක් ජනතාව පිරී පැවතීම‍ෙන්.‘


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment