ඇමරිකාවෙන් සිරියාවට මිසයිල් ප්‍රහාර 59 ක් - ට්‍රම්ප් යුද්ධය අරඹයි


ඇමරිකාවෙන් සිරියාවට මිසයිල් ප්‍රහාර 59 ක්
ට්‍රම්ප් යුද්ධය අරඹයි

අද (7) සිකුරාදා ග්‍රීනීච් වේලාවෙන් පෙරවරු 1.40 ට ඇමරිකානු නාවික හමුදා නැව් දෙකක් මගින් සිරියාව වෙත විශාල ප්‍රහාරයක් දියත් කර තිබේ. ට්‍රම්ප් ජනපති පදවියට පත්වීමෙන් පසු ඇමරිකාව සිරියාවට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමක් ලෙස මෙම ප්‍රහාරය හැඳින්වෙන අතර ටොමහෝක් කෲස් මිසයිල පනස් නවයක් සිරියාවේ ගිනිකොණ දිග හා ඊසානදිග ප්‍රදේශවලට එල්ල කර
ඇත්තේ ගුවන් යානා පඝ සන්නිවේදන කුළුණු  ආදිය ඉලක්ක කරගෙනයි.
මෙම ප්‍රහාරයෙන් හයදෙනෙකු මියගිය බව තහවුරුවී ඇතැයි සිරියානු හමුදාව දන්වා ඇත.

ප්‍රහාරය එල්ල කරන්නට හේතුවූ කරුණු පැහැදිලි කරමින් ඇමරිකානු ජනපතිවරයාද ප්‍රකාශයක් නිකුත් කර ඇත.
මෙම ප්‍රහාරයට ආසන්න හේතුව වන්නේ සිරියානු කැරලි කරුවන්ට එරෙහිව එරට හමුදාව පසුගිය අඟහරුවාදා එල්ල කරන ලදැයි කියන රසායනික අවි ප්‍රහාරයකි. ලෝක අනුමත නොකරන යුද්ධයේ රීතිවලට පටහැණි මානව හිමිකම් කඩකරන ප්‍රහාරයක් ලෙස එම අවි ප්‍රහාරය ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයින් හෙළාදැක තිබුණි. එම ප්‍රහාරය නිසා 58 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. ඔවුන් මියගියේ රසායනික අවි නිසා බව පසුව හෙලිදරව් විය.
ට්‍රම්ප් ප්‍රතිප්‍රහාර සිදුකරන ලද්දේ එහෙයිනි.
අද සිදුවූ ඇමරිකානු ප්‍රහාරය මේ වනවිට ලෝක තෙල් මිල ඉහළ දැමීමට හේතුවී ඇති බවත් ඇමරිකානු කොටස් වෙළෙඳපොළේ වෙනසක් සිදුව  ඇති බවටත් වාර්තා පළවේ. මෙම සිදුවීම මත අරාබිකරයේ රටවල් අතර ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ අදහස් දැක්වීම්ද පළව තිබේ.
ඉදිරි කාලය තුළ ට්‍රම්ප් ජනපතිවරයා මැදපෙරදිග සමග ඇතිකරගන්නා යුද්ධයක පෙරනිමිති මෙම ප්‍රහාරයෙන් පිළිබබිඹු වන්නේ යයි විශ්ලේෂකයින් අදහස් පළ කර ඇත.
ප්‍රහාරය එල්ල කරන්නට හේතුවූ කරුණු පැහැදිලි කරමින් ඇමරිකානු ජනපතිවරයා කරුළණු කියන ප්‍රහාර රූපරාමු අැතුළත් වීඩියාේව පහතින්


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment