වෙද වර්ජනයෙන් රෝහල් සේවා බිඳ වැටේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු අටට
දීපව්‍යාප්තව ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් රෝහල් රැසක ප්‍රතිකාර සේවාවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙයි.
ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බොහෝ පිරිසක් ප්‍රතිකාර නොලබා යළි නිවෙස් බලා පිටව යන අයුරු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩ වර්ජනය කැඳවා ඇත්තේ මාළඹේ සයිටම් ආයතනයට විරෝධය පල කරමින්.
මෙම සංකේත වැඩවර්ජනය හෙට පෙරවරු අටට අවසන් කිරීමට නියමිතයි.









Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment