ෆුල් පෙස් හිස්ආවරණ ගැටලුවට ඇමති සාගලගෙන් විසදුමක්

සම්පුර්ණ හිස් ආවරණ
(Full face Helmets) සම්බන්ධයෙන්
දැනට ඇතිවී ඇති ගැටලු පිලිබදව නීතිය හා සාමය  අමාත්‍ය සාගල රත්නායක මහතා  06 වැනිදා පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සාකච්ජාවක් පවත්වා ඇත.
මෙහිදී ෆුල් පෙස් හෙල්මන්ට් ගැටලුව ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ විසඳාගත යුතු බව ඔහු පවසා ඇත.  "ප්‍රමිතිය", "ආරක්ෂාව" සහ "රටේ පවත්නා නීතිය" යන කරුණු මූලික කරගනිමින් මෙම ගැටලුව විසදීම සදහා අවශ්‍ය මූලික පසුබිම සකස්කරගත යුතු බව ඔහු පවසා ඇත.ෆුල් පෙස් හෝ සාමාන්‍ය හෙල්මට් හෝ පැළඳිය හැක්කේ යතුරු පැදිය ධාවනය කරන අවස්ථාවේ පමණක් බවත් ඉන් පරිබාහිරව කාර්යාල, බැංකු හෝ වෙනත් ස්ථානවලට පිවිසීමේදී හෝ පෙළපාලි ආදියේදී නොපැළදියයුතු බවද මෙහිදී අවධාරණය කරනු ලැබීය.
මෙම සාකච්ජාවට අමාත්‍යංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් මෙන්ම ප්‍රවාහන අමාත්‍යංශයේ සහ මාර්ග ආරක්ෂණ අධිකාරියේ නියෝජිතයන් පිරිසක්ද එක්ව ඇත.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment