ජනපතිගේ නිල රථයට මිලියන 600 වෙන් කළ කථාව කෙප්පයක් - රවී


රුපියල් මිලියන 600 ක මුදලක් ජනාධිපතිවරයාගේ නිල රථය සඳහා වෙන් කර ඇති බවට සිදු කරනු ලබන
ප‍්‍රචාරයන් සම්පූර්ණයෙන්ම
අසත්‍ය බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ ගැන පැහැදිලි කර තිබේ.
කවුරුන් හෝ පිරිසක් විසින් මෙම සංඛ්‍යා හිතා මතා ප‍්‍රකාශ කරන බවත් මෙවැනි දෙයක් සමාජය ඉදිරියේ ප‍්‍රකාශ කිරීම නැතිනම් අත්වැරුද්දක් විය නොහැකි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
කෙසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් සිටින විට ඔහු විසින් සිදු කරනු ලැබු වියදම්වලින් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ලබන්නේ සියයට 2 ක් හෝ 3 ක් වැනි ඉතා අඩු ප‍්‍රමාණයක් බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment