ඕලුට දෙපාරක් අවුරුදු චාරිත්‍ර



මංජුලා කුමාරි ටෙලි නාට්‍යවලින් කාලෙකින් දකින්නට ලැබුණෙ නැහැ. ඒත් අලුත් අවුරුද්දේ ඇය ගැන සොයා බලන්න අපිට හිතුණා. එවිට අපිට ඇය ගැන අපූරු ආරංචියකුත් දැන ගන්න ලැබුණා. ඒ සිංහල අලුත්
අවුරුද්දට මංජුලා දෙපාරක්ම අවුරුදු චාරිත්‍ර කරනවා කියලයි. මේ ගැන ඇහුවාම මංජුලා දුන්නේ මේ වගේ උත්තරයක්. ‘ මම සාමාන්‍ය ‍ෙයන් අවුරුදු චාරිත්‍ර පුංචි කාළෙ ඉඳලම අකුරට ඉටු කළා. රංගනයට එක්වීමත් එක්ක අවුරුද්දට විවිධ රූපවාහිනී වැඩ සටහන් වෙනුවෙන් එක්වෙන්න සිදු වෙනවා.


මේ නිසා මම කරන්නේ වැඩසටහන් ඉවර වු විගස ගෙදර දුවගෙන ඇවිත් ඒ චාරිත්‍ර නැවතත් මගේ මව් පියන් සමග සමරන එකයි. මේ සැරෙත් ඒ වගේම තමයි කරන්න වෙන්නේ. මොකද මගේ පුංචි පුතත් ඉන්න නිසා දෙපාරක් අවුරුදු සමරන්න වෙනවා. මොකද ටීවී නාළිකාවත් එක්ක අවුරුදු දිනයේ වැඩසටහනකට සහභාගි වෙන්න තිබෙනවා. එනිසා එතැන දී වගේම ගෙදරදීත් මට අවුරුදු සමරන්න වෙනවා. මේ හැම දේම මම සිදු කරන්නේ හරි සතුටින්.

තුෂාරි නේරංජා වික්‍රමසිංහ


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment