රත්නපුර ව්‍යාපාරිකයෙකුගෙන් අවුරුද්දට සල්ලි දන්සලක්


රත්නපුර ව්‍යාපාරිකයෙකුගෙන්
අවුරුද්දට සල්ලි දන්සලක්

එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රත්නපුර මලංගම  ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු අසල්වාසීන්ට රුපියල් ලක්ෂ 50 ක මුදල් නොමිලේ බෙදාදීමේ දන්සලක් අද පවත්වා තිබුණි.
තමා හමුවට පැමිණෙන හිතවතුන් අසල්වැසියන් අසරණයන් හට කිසිදු හේතුවකින් තොරව
අතට හසුවන
ගණනින්  රුපියල් 5000, 3000, 2000, 1500,1000 වැනි මුදල් ආධාර ලබා දීමක්  මේ ආකාරයට සිදුවිය.
මැණික් ව්‍යාපාරිකයාගේ නිවසේදී ඔහු අතින්ම මුදල් පිරිනමද්දී ජනතාව පොරකමින් පෝලීම් වල රැඳී සිටිමින් ඒවා ලබාගනු පෙනිණි.
මේ අවස්ථාවට ජනතාව විශාල ප්‍රමාණයක් පැමිණි අතර රුපියල් ලක්ෂ 50ක මුදල පැය 4ක් වැනි කාලයක් තුලදී බෙදාදී අවසන් විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment