එජාප මහලේකම් පදවිය අකිලට දෙන්න යන කතාව

එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් ධුරය වත්මන් අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාට හිමිවීමට නියමිත බව දේශපාලන ආරංචි සඳහන් කරයි.

දැනට ලේකම් ධුරය දරන
ඇමැති කබීර් හෂීම් මහතා වෙත එජාප නියෝජ්‍ය නායක ධුරයක්‌ හිමිවන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්‌ඩාර යන මහත්වරුන්ට උපනායක තනතුරු හිමි වීමට නියමිත බවත් වාර්තාවේ.එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට අමතරව රවී කරුණානායක මහතාට ද නියෝජ්‍ය නායක තනතුරක්‌ ද හිමිවන්නට නියමිතය.
අප්‍රේල් 05 වැනි දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතදී පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී මේ සඳහා අනුමැතිය ගැනෙනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment