වෙනස් විදිහට පෙම් සුව විඳින්න සිතා ජාතික රෝහලේ ජල ටැංකියට නගින්න හැදූ වෛද්‍ය පෙම් යුවළට විනය පරීක්ෂණ


වෙනස් විදිහට පෙම් සුව විඳින්න සිතා
ජාතික රෝහලේ ජල ටැංකියට නගින්න හැදූ

වෛද්‍ය පෙම් යුවළට විනය පරීක්ෂණ

කොළඹ ජාතික රෝහලේ පිහිටා තිබෙන අඩි 200 ක්‌ පමණ උස ජල ටැංකියට පසුගිය සෙනසුරාදා රාත්‍රි 10 ට පමණ සැකකටයුතු දෙදෙනෙක් නගින්නට තැත් කරනු ආරක්ෂක අංශ නිරීක්ෂණයට ලක්ව තිබුණ අතර මේ ගැන පොලිසියට දන්වා ජල ටැංකිය වටළා එම දෙදෙනා අත්අඩංගුවට ගෙන බැලීමේදී  ඔවුන් එම රෝහලේම සේවය කරන වයස 33 ක් හා 29 ක් වන වෛද්‍ය යුවළක් බව අනාවරණය විය.
උඩට නගින්නට උවමනාවූයේ කුමකටද යන්න විමසීමේදී
ඔවුන් දෙදෙනාටම නිසි උත්තරයක් නොමැතිවූ අතර සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණයේදී හෙළිව ඇත්තේ ඔවුන්ට වෙනස් විදිහකට පෙම් කිරීමේ අපූරු උවමනාවක් පැනනැගී ඇති බවකි.
අවුරුදු 33 ක්‌ වයසැති වෛද්‍යවරයා නුගේගොඩ පදිංචිකරුවකු බවත් 29 හැවිරිදි වෛද්‍යවරිය නුවර ප්‍රදේශයේ

පදිංචිකාරියක බවත් හෙළි විය.
මෙම ජල ටැංකිය තාප්පයකින් වටකර තිබූ අතරම සියලුම රෝගීන්ගේ පිරිසිඳු ජල භාවිතය තහවුරු කරනු පිණිස පෞද්ගලික ආරක්‌ෂක නිලධාරියකුද ඒ වෙනුවෙන්ම යොදවා තිබී ඇත.

වෛද්‍ය පෙම් යුවළ ජල ටැංකියට නැගීමට උත්සාහ දරන අවස්‌ථාවේ ආරක්‌ෂක නිලධාරියා රාත්‍රි ආහාර ගනිමින් සිට ඇති අතර ඒ නිසා ටැංකිය අසළ පෙනෙන්නට සිට නැත.
ජල ටැංකියට යැමට ඇති ඉණිමග දිගේ ඉහළට ගමන් කරන දෙදෙනකු ඔහු දැකගත් අවස්ථාවේ ආහාර ගැනීම නවතා වහාම ඒ ගැන ඒ ආසන්නයේ පොලිස්‌ මුරපොළේ නිලධාරීන්ට දැනුම් දී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් එම ස්‌ථානයට පැමිණ ජල ටැංකියට යැමට ඇති ඉණිමගේ සිටි වෛද්‍ය පෙම් යුවළ බස්‌සවා ඇත.

අනතුරුව මරදාන පොලිස්‌ ස්‌ථානය වෙත රැගෙන ආ වෛද්‍ය යුවළගෙන් ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර ඇත්තේ තමන් ආසාවට ජල ටැංකියට නැගීමට ගිය බවයි. තමන් දෙදෙනා නුදුරු දිනකදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔවුන් පවසා ඇත.
කෙසේ වෙතත් මෙම වෛද්‍ය පෙම් යුවළ දිවි නසා ගැනීම සඳහා ජල ටැංකියට නැගීමට උත්සාහ ගත්තේද? එසේ නොමැතිනම් මෙම යුවළ ජල ටැංකියට වස දැමීම සඳහා නැග්ගේද යන්න සම්බන්ධයෙන් පොලිසියට මුලදී සැකයක් මතු විය.
මෙම වෛද්‍ය යුවළ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර ඔවුන්ගේ රුධිර සාම්පල් සහ මුත්‍රා සාම්පල් ලබා ගෙන එදින මුදාහරින ලදි.

මෙකී වෛද්‍ය පෙම් යුවළ කැඳවා විනය පරීක්ෂාවකින් පසු අවවාද කිරීමට බලාපොරොත්තු වන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය මේ වනවිට දන්වා ඇත. ඇය ඒ ගැන මෙසේ කියයි.
''මේ දෙන්නා නොදැනුවත්කමින් ජල ටැංකියට නඟින්න ඇති. ජල ටැංකියට යම් දෙයක්‌ වැටුණ නම් රෝගීන්ගේ ජීවිතවලට ගැටලුවක්‌ වෙන්න ඉඩ තිබුණා. කොහොම නමුත් මේ දෙන්නා ඉදිරියේ දී කැඳවා කරුණු විමසීමට බලාපොරොත්තු වෙනවා. තාමත් දෙන්නව හොයා ගන්නත් නැහැ. ඒ වගේම දෙන්නව තාම රෝහලේ රාජකාරී සඳහා යොදවලත් නැහැ. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් මේ දෙන්නා සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගනීවි.''
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment