'ඔයා දැක්කම මට ආසාවක් දැනෙනවා‘ ඇටෙන්ඩන්ට කියූ රාගම රෝහල් පරිපාලක අත්අඩංගුවට

රාගම රෝහලේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායක කාන්තාවකගෙන් වැටුප් හා රැකියාව නැවත ලබාදීම සඳහා ඇයගෙන් ලිංගික අල්ලසක් ඉල්ලුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එම රෝහලේ ප්‍රධාන පරිපාලන නිලධාරියා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්
කිරීමෙන් පසු මැයි මස 12 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කළේ ශ්‍රී මත් කුඩා රත්වත්තේ මාවත, මහනුවර පදිංචි අයෙකි. මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ 'බී'

වාර්තාවේ අතවරයට පත් මෙම කාන්තාව රාගම රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක ලෙස සේවය කරන බවත්, ඇගේ දරුවා බලා ගැනීමට කිසිවකු නොමැති නිසා ඇය දින 15ක් පමණ නිවාඩු දමා ඇති බවත් එය හේතුකොට ගෙන ඇගේ වැටුප් නවතා ඇති බවත්ය. ඇය ලිපි දෙකක් මඟින් නිවාඩු දැමීමට හේතුව දන්වා, ඒ පිළිබඳ සානුකම්පිතව සලකා බලා වැටුප් ලබාදෙන ලෙස ඉල්ලීමක්ද කර ඇත.

ඇගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ තැන ඇය ස්ථාන මාරුවක් ඉල්ලා යෑමටද උත්සාහ ගෙන ඇත. එය ව්‍යර්ථ වීමෙන් අනතුරුව ඇය අවසාන වරට නැවත තමා පත්ව සිටි අපහසුතාව ගැන පවසා ලිපියක් ලියා පරිපාලන නිලධාරි හමුවීමට ගොස් තිබේ. ඒ අවස්ථාවේ පරිපාලන නිලධාරියා 'ඔයා දැක්කම මට ආසාවක් දැනෙනවා. අපි කොහේ හරි යමුද' යනුවෙන් පවසා ඇය ස්පර්ශ කළ බව පැමිණිල්ලේ සඳහන් කර ඇත. මේ නිසා ඇයට සිදුවූ ලැජ්ජාවත්, අපහාසයත් නිසා ඇය දැඩි අපහසුතාවට පත්වී ඇත. වැටුප් හා සේවය නැවත ලබදෙන බව පවසා සිද්ධිය යටපත් කිරීමට ඉහළ නිලධාරීන් කටයුතු කළත් රාගම රෝහලේ මෙම සිදුවීමට එරෙහිව දැඩි විරෝධතාවක් සංවිධානය වී තිබුණු බැවින් ඉකුත් 01 වැනිදා ඇය මේ සම්බන්ධව පොලිසියට පැමිණිලිකර තිබිණි.

නිට්ටඹුව - විජේපාල කොඩිතුවක්කු
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment