බනිස් කෑමේ තරගයේදී නූල සමග බනිසක් ගිල දැමූ තරගකරු රෝහලේ


කොස්ගොඩ ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක අද පැවති අවුරුදු උත්සවයකදි බනිස් කෑමේ තරගයකට එක්වූ පුද්ගලයෙකු බනිස් ගෙඩිය සිරවීමෙන් රෝහල් ගත කර තිබෙනවා.

හෝටලයේ
කාර්ය මණ්ඩලය සහ සංචාරකයන් ඇතුළු පිරිසක් මෙම උත්ුසවයට එක්ව තිබූ අතර බනිස් කෑමේ තරඟයේදී සේවකයකු තරගයේ පළමු ස්ථානය දිනාගැනීම සඳහා වේගයෙන් බනිස් ගෙඩියක් ගිලදැමූ අවස්ථාවේ ඔහු එය ගිල දමා ඇත්තේ, නුලත් සමඟ බව පසුව තේරුම් ගිය අතර නූලේ අග කෙළවරද ගිලීම නිසා එය යළි ඇදගන්නට අපහසු විය.
නූල බඩවැල්තුල පැටලෙමින් තිබීම නිසා සේවකයා අසාධ්‍ය තත්වයට පත්වූ අතර ඔහු දැන් බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment