සුචරිත ගම්ලත්ගේ පොත් අනවසරෙන් මුද්‍රණය කළාට සන්නස්ගලට නොතීසි


අභාවප්‍රාප්ත මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ බිරිඳ වන ශාන්තා පද්මපෙරුම, ගොනු කළ නඩුවක් සලකා බැලූ
කොළඹ වාණිජ මහාධිකරණ
විනිසුරු ටිරාන් ගුණරත්න උපුල් ශාන්ත සන්නස්ගල මහතාට හා සංහිඳ ප්‍රකාශන ආයතනයට අද වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් ලියන ලද ග්‍රන්ථ 12ක් ඒ මහතාගේ බිරිඳගේ අවසරයකින් තොරව ප්‍රකාශයට පත් කිරීම හා විකිණීම වළක්වමිනි.

ලබන 07 වන දා වාණිජ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කරන ලෙසද මහාධිකරණය විසින් නියෝග කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment