අගමැතිවරයා එක්ක සෙල්ෆි ගැසූ ත්‍රීකුණාමලේ සිසුන් අතේ ජංගම දුරකථන තිබීම ගැන කතාබහක්


අගමැතිවරයා සමග සෙල්ෆි ගැසූ
ත්‍රී මලේ පාසල් දරුවන් අතේ
ජංගම දුරකථන තිබීම ගැන කතාබහක්


මේ දිනවල ත්‍රීකුණාමලයේ පැවැත්වෙන යොවුන්පුරය වැඩසටහන අතුරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ හබරණ ඉසුරු ද්විතීක පාසලට ගිය අවස්ථාවේ පාසලේ දරු දැරියන් පොරකමින් අගමැතිවරයා සමග සෙල්ෆි ඡායාරූප ගැනීමට ප්‍රයත්න දැරූ හැටි මාධ්‍ය තුළ පළ විය.
සාමාන්‍යයෙන් පාසල් දරු දැරියන්ට ජංගම දුරකථන රැගෙන පාසල් පැමිණීමට දැඩි නීති රීති පවතින පසුබිමක් තුළ
මෙම ද්වීතියික
පාසලේ ළාබාල සිසුසිසුවියන් අතට ජංගම දුරකථන පැමිණ තිබීම මෙන්ම ඔවුන් තම ගුරුවර ගුරුවරියන් බලා සිටියදී බියක් සැකක් නැතිව රටේ අගමැතිවරයා සමගද සෙල්ෆි ගසන්නට යාම මේ වනවිට සමාජ මාධ්‍ය තුළ කථාබහක් ඇති කර තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ දමා තිබූ සටහනකින් කියැවෙන්නේ කොළඹින් දුර බැහැර පාසල් වලද සිසු සිසුවියන්ගේ තාක්ෂණික හා අධ්‍යාපනික උනන්දුව ගැන සතුටු වන බවයි.
එම සටහන පහතින්

‘‘අද ත්‍රීකුණාමලයේ යොවුන්පුරය වැඩසටහනට සහභාගීවීමට යන අතරතුර හබරණ ඉසුරු ද්විතීක පාසලට යාමට අවස්ථාවක් ලැබුණා. එහිදී එම පාසලේ දරු දැරියන් හා ගුරුවරුන් සමග හෝරාවක පමණ කාලයක් ගත කළ අතර සෙල්ෆී ඡායාරූප සදහාද පෙනී සිටින්නට අවස්ථාවක් ලැබුණා.
කොළඹින් දුර බැහැර පාසල් වලද සිසු සිසුවියන්ගේ තාක්ෂණික හා අධ්‍යාපනික උනන්දුව මෙන්ම තොරතුරු තාක්ෂණය කෙරෙහි ඔවුන්ගේ ඇති නැඹුරුව මාගේ අවධානයට ලක් වූවා. ලෝකය තවදුරටත් හුදෙකලා වූ දුෂ්කර හෝ නාගරික නොවන, දැනුමෙන් දුරස්ථ ප්‍රදේශ යනුවෙන් වෙන්කළ නොහැකි තරමට තොරතුරු තාක්ෂණය දියුණු වී ඇති අතර එය තරුණ තරුණියන්ගේ, සිසු සිසුවියන්ගේ හා ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයක් බවට පත්වී තිබෙනවා. අප කළාපයේ රටවල් අතර ශ්‍රී ලංකාව එහි පෙරමුණේ සිටිනවා‘‘.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment