වෛරස් - ඩෙංගු උණ නිසා රුහුණු සරසවි පීඨ වැසේ - මඩකලපුවේ පාසල් වැසේ

වෛරස් උණ රෝගයක් පැතිරයාම හේතුවන් රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය හා තාක්ෂණ විද්‍යා
පීඨය  ඊයේ (30) සිට තාවකාලිකව වසා දමා ඇත.
දහවල් 12.00න් පසු  සිසුන්ට නේවාසිකාගාරවලින් ඉවත්වීමට පලනාධිකාරිය විසින් දැනුම් දී

තිබේ.
උණ රෝගය වැලදුන සිසුන් කිහිප දෙනකු සොයාගැනීමත් සමග සිසුන් ශිෂ්‍ය නේවාසිකාගාරවල සිටින
විට උණ රෝගය පැතිර යාමේ දැඩි අවදානමක් පවතින නිසා වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත මෙම තිරණය
ගත් බවත්  උපකුලපතිවරයා සඳහන් කළේය.
මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ කාත්තන්කුඩි නගර සභා බල ප්‍රදේශය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු
රෝගය හේතුවෙන් පෙර පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන 90 ක්‌ සතියක කාලයකට වසා තැබීමට පියවර
ගෙන ඇත.
ඒ අනුව කාත්තන්කුඩි නගර සභා බල ප්‍රදේශයේ පිහිටි පෙර පාසල් 40 ක්‌, කුර් ආන් දහම් පාසල් 35
ක්‌ සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන 15 ක්‌ මෙසේ වසා තබන ලෙසට උපදෙස් ලැබී ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment