මෝදි අද (11) සවස ලංකාවට


එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මහතා අද(11) සවස දිවයිනට පැමිණීමට නියමිතයි.
පස්වරු 05.30ට
ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා දෙදිනක් මෙරට තුළ රැඳී සිටීමට නියමිත අතර එහිදී හැටන් සහ මහනුවර ප‍්‍රදේශවල සංචාරය කිරීමටද නියමිතව ඇත.
අග‍්‍රාමාත්‍ය ධූරයට පත් වීමෙන් අනතුරුව  නරේන්ද‍්‍ර මෝදි මහතා මෙරටට පැමිණෙන දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර 2015 වසරේදී යාපනය තලේමන්නාරම ප්‍රෙද්ශයේ දෙදින සංචාරයකට පැමිණ තිබේ.එදා එසේ ඔහු පැමිණියේ ඉන්දීය අගමැති වරයෙකු ලංකාවට පැමිණීම සටහන් කරන වසර 28 කට පසුය.
අද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment