ගීතාගේ මන්ත්‍රීකම තව මාස 5 කට දික්වේ


පසුගියදා අභියාචනාධිකරණය මගින් අහෝසි කරන්නට තීරණය කරන ලද ද්විත්ව පුරවැසිලාභී ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ඇය විසින් ගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ
අතර අද 15 එය
විභාගයට ගැනුණ අවස්ථාවේ එම පෙත්සම විභාග කළ යුතු බවට විනිසුරන් 2 නෙකුද එය අනවශ්‍ය බවට එක් විනිසුරෙකුද තීරණය කළා. ඒ අනුව වැඩි මනාපය මත බෙදුණු තීන්දුවක් ලෙස ගීතාගේ පෙත්සම සලකා බලන්නට නියම වූ අතර මේ නිසා ලබන සැප්තැම්බර 25 වන දින නඩුව නැවත කැඳවනතුරු මාස 5කට ආසන්න කාලයක් ගීතාට තවදුරටත් මන්ත්‍රීධූරයේ සිටීමට හිමිකම ලැබේ.
ස්විට්සර්ලන්තයේ පුරවැසිකම ලබා සිටින අතර ලංකාවේද පුරවැසියකුව සිටිමින් පසුගිය මහමැතිවරණයට ගීතා තරග වැදුනේ ඊට පෙර 19 වන සංශෝධනය මගින් එලෙස කිරීමට ව්‍යවස්ථාමය වාරණයක් ලබාදී තිබුණ පසුය.
කෙසේ වෙතත් ගීතා දැන් පවසන්නේ මෙම අහෝසි කිරීම කාන්තාවක් ලෙස තමාට සිදුවන අසාධාරණයක් බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment