අද වැඩ වර්ජනේ රෝහල් අඩපණ වුවත් - කෝච්චි සියයට 80 ක් දුවලා -ලංගම බස් සියල්ල දුවලා- වැහුවෙ පාසල් 2 ක් පමණයි


අද වැඩ වර්ජනේ රෝහල් අඩපණ වුවත් 
කෝච්චි සියයට 80 ක් දුවලා 
ලංගම බස් සියල්ල දුවලා
වැහුවෙ පාසල් 2 ක් පමණයි


 සයිටම් ආයතනය වසා දමන ලෙස ඉල්ලා අද උදෑසන 08.00 සිට සෞඛ්‍ය,ගුරු හා ප්‍රවාහන සංකේත වර්ජනයක් දියත් කරන බව ඊයේ දැනුම් දී තිබුණද ඒ කියූ තරම් වර්ජන තත්වයක් ඇතැම් ක්ෂෙත්‍රවල දක්නට නොතිබුණ බව දහවල් වනවිට වාර්තා විය.
අද පාසල්වල ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා පාසල් අඩපණ වනු ඇතැයි පැවසූවද බොහෝ පාසල් සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වූ අතර
අධ්‍යාපන ඇමතිවරයා දන්වා සිටියේ

කැකිරාව මහා විද්‍යාලය හා හම්බන්තොට මධ්‍ය මහා විද්‍යාලය පමණක් වර්ජනය නිසා අඩපණ වූ බවකි.

නමුත් ලංකා ගුරු සංගමය දන්වා සිටියේ ග්‍රාමීය පාසල් මේ වර්ජනය නිසා අඩපණ වූ බවකි.

අද දින පුද්ගලික බස් රථ මෙන්ම ලංගම බස් රථ සුපුරුදු පරිදි ධාවනය වූ අතර වර්ජනයක සේයාවක්වත් දිස්වූයේ නැත.
 දුම්රිය ධාවනය යම් තරමකට අඩාළ වූ නමුත් උදෑසන කොළඹ දෙසට ධාවනය වූ දුම්රිය සියල්ලම පාහේ පැමිණි බවත් යම් යම් දුම්රිය කිහිපයක් පමණක් අඩපණ වූ නමුත් එම ප්‍රතිශතය සියයට 20 ක් තරම් අවම බවත් දුම්රිය සාමාන්‍යධිකාරවරයා දැනුම් දෙන ලදි.

අද දින දිවයින පුරා රෝහල්වල වර්ජනය සාර්ථක වූ අතර රෝහල් රාශියක් අඩපණ විය. කෙසේ වෙතත් රජයේ විශේෂඥ වෛද්‍යවරුන් වෙනස් මතයක් දැරීම නිසා වර්ජනයට එක්වූයේ නැත. ළමා රෝහල් හා අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment