කිරිබත්ගොඩ තොරණ වැටේ- නුගේගොඩ- කොටුව ගස් වැටේ - කැලණි වැලි දුමිරියට බාධා



පවතින අධික වර්ෂාව සහ දැඩි සුළඟ හේතුවෙන්
කිරිබත්ගොඩ නගරයේ ඉදිකර තිබූ තොරණක් කඩාවැටී වාහන හතරකට අලාභ හානි සිදුව තිබේ.
මේ හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති නමුත් මර්ග තදබදයක්ද හටගත්තා.
මේ අතර කොටුව ලෝටස් පාරේ ගසක් කඩා වැටී මාර්ග අවහිර තාවක් ඇතිව තිබෙන බවත් නුගේගොඩ හා පැඟිරිවත්ත අතර ගසක් කඩා වැටී මහාමාර්ග හා දුම්රිය මාර්ග වලට බාධා ඇතිව තිබෙන බවත් වාර්තාවේ.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ අද සවස ධාවන කටයුතු ප්‍රමාද වනු ඇති බව ඒ අනුව වාර්තා විය.
පැවති වියළි දේශගුණය නිමාකරමින් අධික වර්ෂා ඇදහැලීම නිසා කොළඹ හා අවට දැඩි මාර්ග තදබදයක්ද මතුව ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment