කඩා වැටුණ ගොඩනැගිල්ල තුළ කෑගැසීම්

වැල්ලවත්ත, චාර්ලිමන් රෝඩ්හි කඩාවැටුණු පස් මහල් ගොඩනැඟිලේ සුන් බුන් අතර තවත් පිරිස් සිරවී සිටින බවට තොරතුරු වාර්තා වනවා.
අධික වර්ෂාවත්
සමග පිරිස් මුදාගැනීමේ කටයුතු දැඩි අසීරුවී ඇති බවත්, එසේ වුවද සුන්බුන් අතර සිටින කිසිවෙකු තමන් බේරාගන්නා ලෙස කෑගසන හඬ ඇසෙන බවට වාර්තා වන බවත් සඳහන්ය.
ගිනි නිවන හමුදා මැදිහත්ව මේවන විට එම පුද්ගලයා බේරාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, අවට දැඩි රථ වාහන තදබදයක් පවත්නා බවත් වාර්තා වේ.
යුද හමුදා, ගිනි නිවන හමුදා හා පොලීසිය එක්ව තව දුරටත් මෙහෙයුම් කටයුතු සිදුකරයි.
තුවාල ලැබූවන් ගණන මේ වනවිට 23 දක්වා ඉහළ ගොස් ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment