ගීතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරිය නොහැකි බව අධිකරණයේදී තීන්දුවේ


ගීතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරිය නොහැකි බව
අධිකරණයේදී තීන්දුවේ

ආණ්ඩුවට ආවා නම් මේ ප්‍රශ්න නෑ - ගීතා කියයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරීම සඳහ සුදුසුකම් නොමැති බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබේ.
මෙය බලපෑවේ ගීතා කුමාරසිංහ මහත්මිය ස්විට්සර්ලන්තයේද පුරවැසිභාවය ඇති ද්විත්ව පුරවැසියකුව සිටියදී
ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයට ඉදිරිපත්වීමේ දෝෂයකි.
ඇය මන්ත්‍රී ධූරයට පත්වූ පසුව මන්ත්‍රිවරියක් ලෙස කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බව සඳහන් කරමින් අධිකරණයට පෙත්සමක් 2015 මාර්තු මාසයේදී  ඉදිරිපත් කර තිබුනේ ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පදිංචිකරුවෙක්‌ වන කේ.
ඩබ්ලිව්.
බුවනෙක සහ ඡේ. කේ. අමරවර්ධන ඇතුළු සිව්දෙනකු විසිනි.
අභියාචනාධිකරණයේ සභාපති විජිත් කේ. මලල්ගොඩ සහ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්
හමුවේ පෙත්සම් විභාගය පැවැත්වූ අතර ඇයට ස්විට්සර්ලන්ත පුරවැසිකම තිබියදී ලංකාවේ ඡන්දයට ඉදිරිපත්වූ බව හෙළිදරව්වී තිබුණි.
ගීතා කුමාරසිංහ මහත්මිය, ආගමන විගමන පාලක, සන්ධානයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම්
පෙත්සමේ නම්කර ඇගේ මන්ත්‍රී ධුරය රිට්‌ ආඥාවක්‌ මගින් අවලංගු කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා තිබුණි.
ඒ අනුව ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් ලෙස කටයුතු කිරීම නුසුදුසු බව අභියාචනාධිකරණය රිට් ආඥාවක් මගින් අද (03) ප‍්‍රකාශ කළා.
මේ ගැන අදහස් දැක්වූ ගීතා මෙසේ කියා ඇත.
"කාන්තාවක් හැටියට මේක ලොකු අසාධාරණයක්. මම පාර්ලිමේන්තු ආවේ පිරිසිදු ඡන්දවලින්. මම මේ නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. එතකොට මගේ මන්ත්‍රි ධූරය අහෝසි කරන්න බැහැ.. ඒ නඩු තීන්දුව ඉවර වෙනකම්. මම මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ..කලබල නොවී බලාසිටින ලෙසයි. මට තව අවස්ථාවක් තියෙනවා. කොහොම වුණත් මම ආණ්ඩුවට එකතු වුණා නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ."



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment